Latest News

විහාරමහා දේවී ප්‍රතිමාවට පැළඳු සළු පිලි ඉවත් කෙරේ

පසුගිය දා සමාජ මාධ්‍ය තුල ආන්දෝලනයකට ලක්වූ රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා.

මීට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයේ පසුගිය දින කිහිපයේ සැරිසැරූ අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසු බලධාරීන්ට දැනුම්දී ඒවා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.