මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
පසුගිය (21) වනදා කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී ඝාතනය සදහා යොදාගන්නා ලද තියුණු ආයුධ ඇතුළු මොට ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් අවුරුදු 14ත් 52ත් අතර වයස්වල පසුවන උරුම්බිරායි සහ කෝපායි ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද (27) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.