ටෙනිස් පිටියෙන් ඉතිහාසගත වාර්තාවක්..
2023 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව මෙවර තමන් සතු කර ගන්නට බෙලරුසියාවේ උපත ලැබූ අරීනා සබලෙන්කාට හැකියාව ලැබුණා.
ඒ් අවසන් මහා තරගයේ විම්බල්ඩන් ටෙනිස් ශූරිය වන කසකස්තානයේ එලිනා රෙබාකිනා තරග වට 2ට 1ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ ලකුණු සටහන දිස්වූයේ 4ට 6, 6ට 3 ක් සහ 6ට 4ක් ලෙසයි.
අරීනා සබලෙන්කා ඉතිහාසගත වන්නේ ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස තරගාවලියට සහභාගී වී ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළක් දිනූ ලොව පළමු ක්‍රීඩිකාව ලෙසයි.
රුසියාව සහ යුක්‍රේනය අතර නිර්මාණය වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය රට නියෝජනය කරමින් මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට සංවිධායක මණ්ඩලය විසින් අවසර ලබා දුන්නේ නැහැ.
එම හේතූන් නිසා බෙලරුසියාවේ උපත ලැබූ අරීනා සබලෙන්කා මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වුණේ ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙසයි.