ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පුහුණු තරඟයක
කාන්තා ලෝක කුසලාන පන්දු වාර 20යි විස්ස තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු පුහුණු තරඟය අයර්ලන්තය සමග අද (06) පැවැත්වෙනවා.
එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන පුහුණු තරඟය කොදෙව් කාන්තා කණ්ඩායම සමග අනිද්දා (08) මෙරට වේලාවෙන් පස්වරු 6 ට කේප් ටවුන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරඟය ලබන 10 වනදා පැවැත්වෙනවා.