ශ්‍රි ලාංකික තරුණියන් දෙදෙනෙක් ජපානයේදී ඇගයීමට ලක්වෙයි
තාක්ෂණික සේවාස්ථාන පුහුණුලාභීන් වශයෙන් ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීම සදහා ජපානයට ගිය තරුණියන් දෙදෙනෙකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන With IM සඟරාවේ පිට කවරය සඳහා තෝරාගෙන තිබෙනවා.
එහිදී එම සඟරාව විසින් ඔවුන්ගේ සේවය අගය කරමින් ඒ පිළිබඳව ප්‍රශංසා සහිත ලිපියක් පළකර ඇති බව වාර්තා වනවා.
මෙලෙස අදාළ සඟරාව සඳහා තෝරාගෙන ඇත්තේ, හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා වන අතර ඔවුන් 2021 වසරේ සාත්තු සේවා පුහුණුලාභීන් ලෙස ජපානයට පිටත්ව ගොස් තිබෙනවා.
මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුව වී ඇත්තේ, තම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීමයි.
ඔවුන් දෙදෙනා ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ පිහිටා ඇති Life Design ආයතනය මගින් පවත්වාගෙන යන EMJU සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කරනවා.
ඔවුන් දෙදෙනා සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක් වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇති බවයි වාර්තා වන්නේ.
Life Design ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Katsuya මහතා මෙම ශ්‍රි ලාංකික තරුණියන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කලේ, තමන් ශ්‍රි ලාංකික පුහුණුලාභීන් තම ආයතනයට බඳවා ගැනීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත්, මෙම තරුණියන්ගේ ක්‍රියාකලාපය අනුව දැඩි විශ්වාසයක් ඔවුන් පිළිබඳව ඇති වූ බවයි. තමන්ගේ ආයතනය ඉදිරියටත් ශ්‍රි ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.