Latest News

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වනවා.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බව චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට පසුගිය 25 වනදා ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

ඒ අනුව ජනපතිවරයාගේ තීරණය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඇයට දැනුම් දී තිබෙනවා.