Latest News

ඉදිරියේදී ජලභීතිකා මරණ වැඩි විය හැකියි – සුනඛ සපා කෑම්වලින් ප්‍රවේසම් වන්න

ඉදිරියේදී වැඩි වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කලේ, අවාසනාවන්ත ලෙස මේ වන විට ජලභීතිකා රෝගයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බවත් අඛණ්ඩ එන්නත් සැපයුමක් නොමැති බැවින් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක නොවන බවත් ය.

ඒ අනුව හැකිතාක් දුරට සුනඛ සපා කෑම්වලින් ප්‍රවේසම් වන ලෙස ඔහු මහ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා සඳහන් කලේ,

“ඉදිරියේදී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් තියෙනවා. මහ ජනතාවට අපි අනතුරු අඟවනවා සුනඛ සපා කෑම්වලින් හැකි තරම් දුරට වැළකී ඉන්න කියලා. ඒ වගේ ම සැක සහිත සුනඛ සපා කෑමක් සිද්ධ වුණොත් ළඟ ම පිහිටි රෝහලට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කටයුතු කරන්න.
විශේෂයෙන් ම එන්නතක් ලබාගෙන වසරකට වරක් නැවත වරක් අවම වශයෙන් සුනඛයින්ට එන්නත් ලබාදිය යුතුයි. පසුගිය මාස කිහිපයේ ම මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. කොවිඩ් -19 කාලයේ මාස 5 කට ආසන්න කාලයක් මේ වැඩසටහන අක්‍රීයව තිබුණා. එමෙන් ම ඉන්ධන ගැටලුව නිසා පසුගිය මාසයක පමණ කලයක් මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙද්දි කොවිඩ් -19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වගේ ම එන්නත් හිඟය නිසා වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා.”