වරදක් කර ඇත්නම් ඩයනා අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නැහැ
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
ඒ, ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.
මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.