Latest News

මිය ගිය සිය බිරිඳගේ දේහය කර තියාගෙන යද්දී පොලිසිය පිහිට වෙයි

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගැමි තරුණයකු විසින් තම මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එඩේ සමුලු නමැති එම ගැමි තරුණයා ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙක් වනවා.

අදාළ තරුණයා විසින් අසනීප තත්ත්වයකින් පසු වූ සිය බිරිඳ කිලෝ මීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සඳහා එක්ව ගොස් තිබෙන අතර එහිදී වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්නවී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවයි.

එහිදී අවාසනාවන්ත ලෙස රෝහලේ දී මිය ගිය සිය පසුව බිරිඳගේ මළ සිරුරු ගම්මානයට ගෙන යෑම ඔහුට ගැටලුවක් වී තිබෙනවා.

මුදල් නොමැති හේතුවෙන් කුලී රථයක් සොයා ගැනීමට ද එඩේ සමුලුට හැකියාව ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ගම්මානයට යෑමට කුලී රථ රියදුරන් ඉන්දීය රුපියල් 2,000 ක මුදලක් ඉල්ලා තිබෙනවා.

අවසානයේ බිරිඳගේ සිරුර කරේ තියන් පයින් ගම්මානයට යෑමට තරුණයා විසින් තීරණය කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් පැමිණ වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇති බව වාර්තා වනවා.