ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරඟයත් ජය ගනියි
පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සිය දෙවැනි තරඟයෙන් කඩුළු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (12) සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග තරඟය ඊයේ සත්කාරක දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 126ක්.
බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ Sobhana Mostary සහ කණ්ඩායම් නායිකා Nigar Sultana පමණයි.
ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 29ක් සහ 28ක් ලබාගත්තා.
කණ්ඩායමේ තවත් එක් ක්‍රීඩිකාවකට හැර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කර යන්නට ශ්‍රී ලංකා කාන්තා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ වැඩිම කඩුළුලාභියා වූයේ ලකුණු 23කට කඩුලු 03ක් බිඳ දමමින්.
නායක චමරි අතපත්තු ලකුණු 19කට කඩුළු 02ක් සහ ඉනෝකා රණවීර එක් කඩුල්ලක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී පන්දුවාර 18කුත් පන්දු 02ක් අවසානයේ දී සිය ජයග්‍රහණයේ සීමාව පසුකරනු ලැබුවා.