බොරැල්ලේදී කාන්තාවකට වෙඩි වැදී ජිවිතක්ෂයට – යුධහමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු සිය භාරයට ගැනීමට යාමේදී ඔවුන් සතුව තිබු ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කාන්තාවට වෙඩි වැදී ඇති බවයි මෙහිදී පොලීසිය සඳහන් කලේ.
අනතුරුව එහි සිටි පිරිස් විසින් වෙඩි වැදුණු කාන්තාව රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
අදාළ කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය විසින් සිදුකරනවා.