Latest News

ගැහැණු දරුවෙකු නිසා නවගමුව දේවාලය දින නියමයකින් තොරව වැසේ

නවගමුව පුරාණ පත්තිනි මහාදේවාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බව වාර්තා වනවා.

ගැහැණු දරුවෙකු දේවාල භූමිය තුල වැඩිවියට පත් වීම හේතුවෙන් මෙලෙස දින නියමක් තොරව දේවාලය වසා තබන බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් දේවාලය වසා දමනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවත්, නවගමුව පූජා භූමිය භාරකාර මණ්ඩලය විසින් කඩිනමින් තීරණය කරනු ඇති බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.