Latest News

තුර්කියේ භූ කම්පනයෙන් පැය 182 කට පසු අවුරුදු 13 ක දරුවෙකු සුන් බුන් අතරින් බේරා ගැනේ

තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු ගිලන් රථයට රැගෙන යාමට සුදානම් කරන විට තමාව මුදා ගත් නිලධාරීන්ගේ අත අල්ලාගෙන සිට ඇති බවයි වාර්තා වනවා.

මෙලෙස ආශ්චර්යයමත් මුදා ගැනීම් කිහිපයක් වාර්තා වූ වත් සුන්බුන් අතර සිර වී සිටින බොහෝ තුර්කි වැසියන්ගේ ජිවත්වීමේ බලාපොරොත්තු බොඳ වෙමින් යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වන විට භූ කම්පාව සහ පසු කම්පන හේතුවෙන් මියගොස් ඇති තුර්කි සහ සිරියානු වැසියන් ගණන 37000 සීමාව පසු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තුර්කියේ කඩා වැටී ඇති එක් තෙමහල් ගොඩනැගිල්ලක් එකම පවුලේ පරම්පරා තුනක් සිරවී සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා ඔවුන් වෙත ළඟා වීමට උත්සහ ගනිමින් සිටින බවත් මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.