අනුෂ්කා සංජීවනීට ICCය දඩ නියම කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ, කාන්තා 20යි 20 තරඟාවලියේ බංග්ලාදේශය සමග පැවති තරඟයේදී එම කවුන්සිලයේ විනය නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ, මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඉකුත්දා පැවැති තරඟයේ දී ශ්‍රී ලංකා කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී සිය විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදුකර ඇති බවයි.
එම තරඟයේ බංග්ලාදේශ ඉනිමේ 10 වන පන්දුවාරයේ දී සොබානා මොස්ටරි දැවී යාමෙන් පසු අනුෂ්කා සංජීවනී විසින් එම දවාගැනීම සැමරීමේ දී දැවී ගිය පිතිකාරිණිය දෙසට ආවේගශීලී අයුරින් පැමිණෙමින් විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඇය විසින් ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බව ICC නිවේදනය කළා.
ඇයට තරඟ ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් නියම කිරීමටච ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇති අතර දඩයට අමතරව අනුෂ්කා සංජීවනීගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තරඟ තීරකවරිය ලෙස කටයුතු කළ ජී. එස්. ලක්ෂ්මි විසින් පැනවූ දඬුවම ඇය විසින් පිළිගෙන ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවද වාර්තා වනවා.