මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසයි
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසනවා.
මෙහිදී ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය, සංජීව ගුණසේකර මහතා සඳහන් කලේ, ජනතාවගේ පරිත්‍යාග හේතුවෙන් එම ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට මඟහැරි ගොස් ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කලේ, අදට (15) යෙදී ඇති “ලෝක ළමා පිළිකා දිනය” නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා සඳහන් කලේ,
“මහරගම පිළිකා රෝහලේ අනෙක් රෝහල්වල වගේම යම් බෙහෙත්වල අඩුපාඩුවක් තියෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, ළමා පිළිකා වාට්ටු සමග පරිත්‍යාගශීලීන් රාශියක් වැඩකරනවා. අපිට ඔවුන්ගේ උපකාර නිසා බොහෝදුරට මෙම අවශ්‍යතාවයන් පියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අපිට තිබෙන අඩුපාඩු යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් බෙහෙත් පරිත්‍යාග කිරීමට කැමති නම් කරුණාකර අපේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමා අමතන්න. එහි පරිත්‍යාග භාරගැනීමට විශේෂ ඒකකයක් තිබෙනවා. ඔවුන් අදාළ සංවිධාන කටයුතු ඔබලා සමග සිදුකර එම පරිත්‍යාග භාරගැනීමට කටයුතු කරයි.” ලෙසයි.
මේ අතර ලංකාවේ ළමා පිළිකා රෝගීන් වැඩිවෙමින් පවතින බවත් වසරකට ළමුන් 900ක් පමණ පිළිකා රෝගීන් ලෙස හඳුනාගන්නා බවත් වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළා.
2020 සංඛ්‍යා ලේඛන අනුව පිරිමි දරුවන් 472කුත් ගැහැණු දරුවන් 457කුත් ලෙස වාර්තා වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, බොහෝ ළමා පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි තත්ත්වයේ පවතින බව ද කියා සිටියා.
එමෙන්ම වසරකට ළමා පිළිකා රෝගීන් 250ක් පමණ ජීවිතක්ෂයට පත්වෙන බව ද පැවසු වෛද්‍යවරයා මෙය අවම කරගැනීමට කටයුතු කළ යුතු බව ද පැවසුවා.