Latest News

මෙරට රියැදුරු බලපත්‍රය හිමි කාන්තාවන් සංඛ්‍යාව මිලියනය පසු කරයි

මෙරට රියැදුරු බලපත්‍රය හිමි කාන්තාවන් මිලියනය පසු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රියදුරු බලපත්‍රලාභීන් 12,700,000දෙනා අතරින් 1,122,418ක් කාන්තා රියදුරු බලපත්‍රලාභීන් වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වසන්ත ආරියරත්න මහතා සඳහන් කලේ, මෙම පිරිස අතරින් කාන්තාවන් 2082 ක් බර වාහන බලපත්‍ර ලබාගෙන ඇති බවයි.

එමෙන්ම 2010 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට කාන්තාවන් 23,488 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

එතැන් සිට 2020 දෙසැම්බර් දක්වා වසර 10 ක කාලය තුළ කාන්තා අයදුම්කරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් සටහන් වී ඇති බව වාර්තා වනවා.