අල්ලස් ගත් පාස්පෝට් කාර්යාලයේ සේවිකාවක් අත්අඩංගුවට
එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 05 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයක සේවිකාවක් සහ තැරැව්කරුවන් 04 දෙනෙක්වයි.
ඔවුන් විසින් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්රයක් නිකුත් කිරීම සඳහා එලෙස රුපියල් 42,000ක අල්ලසක් ලබාගෙන ඇති බව වාර්තා වනවා.
එලෙස ගුවන් ගමන් බලපත්රයක් ලබාගැනීම සඳහා රුපියල් 22,000ක මුදලක් වැය වෙන අතර අනෙක් රුපියල් 20,000ක් සැකකරුවන් විසින් බෙදාගෙන තිබෙනවා.