ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අවස්ථා හිමි වෙයි
මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බවට දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම තහවුරු කර තිබෙනවා.
ඒ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමග පැවති සාකච්ඡාවක දී යි.
මෙහිදී වැඩි අවස්ථාව හිමිවන්නේ සාත්තු සේවිකාවන්ට යි.
ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බවත් පිරිමි සාත්තු සේවකයින් සදහා ඉතාමත් සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් පමණක් හිමිවන බවත් නියෝජිත කණ්ඩායම පෙන්වා දෙනවා.
ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට පමණක් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද එම නියෝජිත කණ්ඩායම මෙහිදී ඉල්ලා තිබෙනවා.