Latest News

ක්‍රීඩිකාවක් තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට ගත් උත්සහයක් හෙළිවෙයි

ලෝක කුසලානය අතරතුර දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක්, තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට තවත් ක්‍රීඩිකාවක් උත්සහා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ ෂෝහෙලි අක්තර් ක්‍රීඩිකාව විසින් මෙවර ලෝක කුසලානයේ දී බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන ලතා මන්ඩල් ක්‍රීඩිකාවට මෙලෙස තරඟ පාවා දෙන ලෙස යෝජනා කරන හඬ පටයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් එම යෝජනාව අදාළ ක්‍රීඩිකාව විසින් ප්‍රතික්ෂේප කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිලි කර ඇති අතර ඒ අනුව ICCයේ වංචා සහ දුෂණ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.