තම අක්මාවෙන් කොටසක් පියාට දන් දුන් 17 හැවිරිදි දැරිය
තම අක්මාවෙන් කොටසක් පියාට දන් දී ඔහුගේ ජීවිතය බේරා ගත් 17 හැවිරිදි දැරියක් පිළිබඳව ඉන්දියාවේ කේරළයෙන් වාර්තා වනවා.
කේරළයේ වෙසෙන දේවානන්දා දැරිය සිය පියාට අක්මාවෙන් කොටසක් දන්දීම සඳහා උසාවියෙන් ද අවසර ලබාගෙන මේ උතුම් ක්‍රියාව සිදුකර තිබෙනවා.
ඉන්දීය නීතිය අනුව බාලවයස්කරුවන්ගෙන් අවයව ලබාගැනීම වාරණය කර ඇති නමුත් දේවානන්දාට මේ සඳහා අවසරය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැත්කමෙන් පසුව ඇගේ පියා ද යහපත් සුවයෙන් පසුවන බව වාර්තා වනවා.
දේවානන්දා තිසුර් හි පාසලක අධ්‍යාපනය හදාරන අතර ඇගේ පරිත්‍යාගය ඉන්දීය මාධ්‍යවල බෙහෙවින් ඇගයීමට ලක්ව තිබෙනවා.