Latest News

රූපලාවන්‍යාගාර ක්‍රීම් හා බෙහෙත් ගබඩාවක් වටලයි

රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වසර 04ක පමණ කාලයක සිට ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවයි.

ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ නිෂ්පාදන බවට හැඟවෙන ස්ටිකර් අලවා අලවේ කිරීම සිදුකරගෙන ගොස් ඇති අතර ප්‍රධාන වශයෙන් කුරියර් සේවාවක් මගින් භාණ්ඩ සැපයුම් සිදුකර ඇති බව ද හෙළිවී තිබෙනවා.