Latest News

භූ කම්පනයෙන් සුන්බුන් අතර ඉපදුන “අයා” ට යළි හමු වූ සෙනෙහස

සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ “අයා” නම් දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ, DNA පරීක්ෂාවකින් පසුව දැරියගේ මවගේ ඥාති කාන්තාවක වෙත දැරිය භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

පසුගිය 6 වනදා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරව සිටි මවක් විසින් මෙම දැරිය බිහි කර තිබූ අතර එහිදී මව මිය ගිය ද දැරිය මුදා ගැනීමට සහන සේවකයින්ට හැකිව තිබුණා.

අයා හෙවත් ආශ්චර්ය යන නම් තැබූ ඇය හදාවඩා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රෝහල් බලධාරීන් වෙත දුරකථන මාර්ග ඔස්සේ ද ඉල්ලීම් දහස් ගණනක් ලැබී තිබු බව සඳහන්.

කෙසේවෙතත් ඇයගේ ඥාතියෙකු දැරිය හදාවඩා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔවුන් වෙත පමණක් ඇය භාරදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණා.