Latest News

කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වට හෙට ඇරඹේ

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත් වීමට නියමිතයි.

දෙවන අවසන් පූර්ව තරඟය අනිද්දා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

එම තරඟවලින් ජය ගන්නා කණ්ඩායම් ලබන 26 වනදා පැවැත්වෙන අවසන් මහා තරඟයේ දී මුණ ගැසීමට නියමිතයි.