Latest News

මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද? – ඩයනා ගමගේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවත් අනීතිකද බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් සඳහන් කළා.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ සිය කතාව අවසන් කොට අසුන් ගැනීමෙන් අනතුරුව නැගී සිටි ඩයනා ගමගේ මහත්මිය නැගු මෙම ප්‍රශ්නයට එම අවස්ථාවේදී වචන හුවමාරුවක්ද සිදු වුණා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-

අනීතිකව ඉන්න කෙනෙකුට මම උත්තර දෙන්න යන්නේ නැහැ. යනුවෙන්.

ඩයනා ගමගේ මහත්මිය:-

මම අනීතිකව ඉන්නවා කියලා තීන්දු කළේ කවුද? ඔබතුමාට මහ ලේකම් විදියට ඔතැන ඉන්න අයිතියක් නැහැ.