ශ්‍රී ලංකාවට මුල්‍ය සහනයක් අවශ්‍ය බව ජැනට් යෙලන් G-20 සමුළුවේ දී කියයි
ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ මුල්‍ය සහනයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.
G-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බෙන්ගලුරු හිදී අද (23) ආරම්භ වූ සමුළුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළා.
ඇය තවදුරටත් සඳහන් කලේ, දියුණු වෙමින් පවතින රටවල් සහ නැගී එන රටවල් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් චීනය ඇතුළු නිල ද්වීපාර්ශ්වික ණයහිමියන් ව සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට අමෙරිකාව නොකඩවා කටයුතු කරන බවයි.