එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට ගිය ධීවරයෙකු අත්අඩංගුවට
එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අදාළ සැකකරු ඊයේ (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එංගලන්ත ජාතික තරුණිය සිය මවුපියන් සමග කිරින්ද ඇතුළු අවට ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව රාත්‍රි නවාතැන් ගැනිම සදහා ප්‍රදේශයේ පිහිටි නවාතැන්පලක් අසලට පැමිණ තිබෙනවා.
එහිදී තරුණිය මාර්ගය අසල රැදී සිට ඇති අතර දෙමාපියන් දෙදෙනා අදාළ ලැගුම්හලට ගොස් ඇත්තේ නවාතැන් ගැනීමට හැකිදැයි පරීක්ෂා කිරීමටයි.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකරු එහි තනියම රැඳී සිටි තරුණියට අතවර කිරීමට තැත්කර ඇති අතර පසුව එංගලන්ත තරුණිය ඔහු සමග පොර බැදීමේදී සැකකාර ධීවරයා ජංගම දුරකතනයද දමා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
පසුව අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.