ලෝකයේම අවධානය ගත් කාන්තා ලීග් තරඟයේ අවසන් පන්දුවාරය
ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ක්‍රිකට් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.
එහිදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් SAS කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 47කදී ලකුණු 243ක ඉලක්කයක් හිමි වුණා.
ඒ අනුව SAS කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 4ක් රැස්කර ගැනීමට තිබුණා.
එහිදී කිසිවෙකු නොසිතූ ලෙස තස්මේනියා කාන්තා කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම හමුවේ කඩුලු 5ම දැවී ගියා.
එම පන්දුවාරයේදී SAS කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 2ක් පමණයි.
ඒ අනුව තරඟාවලියේ මෙවර ශුරතාවය මෙම තරඟය ලකුණු 1කින් ජයගත් තස්මේනියා කාන්තා කණ්ඩායමට හිමි වුණා.
එම අවසන් පන්දුවාරය පහතින්