Latest News

උෂ්ණාධික කාලගුණය නිසා දරුවන් පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයෙන් සිටින්න

දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, පාසල් යනවිට ළමයින්ට අනිවාර්යෙන් වතුර බෝතලයක් යැවීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම ආහාර ලබා දීමේ දී ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙස ඔහු දෙමාපියන්ට දැනුම් දුන්නා.