අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසිය මහජන සහය පතයි
මාවනැල්ල පොලිස් වසමේ ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක ජනවාරි 18 දින සිට අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන කාන්තාවක්.
මේ පිළිබඳව ඥාතියෙකු විසින් මාවනැල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.
අදාළ කාන්තාව පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස ද පොලිසිය මහ ජනතාවගේ ඉල්ලා සිටිනවා.
මාවනැල්ල පොලිසිය: 035 2 247 222
ස්ථානාධිපති මාවනැල්ල: 071 8 591 418