Latest News

කාන්තාවන්ගෙන් පමණක් පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානය

කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) සුවිශේෂී ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.

අදාළ යානාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත වීම මෙහි ඇති විශේෂත්වය වනවා.

එම යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපොළ බලා පියාසර කර තිබෙනවා.

අද උදෑසන පියාසර කර ඇති යානයේ කාර්ය මණ්ඩලයට කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක්ව ඇති බව වාර්තා වනවා.