ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසා වංචනිකව මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට
ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක් හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්.
අදාළ කාන්තාව විසින් වරකාපොල ප්‍රදේශයේ පදිංචි රජයේ හෙද නිළධාරියෙකුගෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා මෙලෙස මුදල් ලබාගෙන ඇති අතර, එම රැකියාව ලබානොදීම හේතුවෙන් මේ පිළිබඳව ඔහු විසින් විදේශ සේවා කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ (08) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.