Latest News

රාගම දැරියට අමානුෂිකව පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

රාගම – කුරුකුලාව ප්‍රදේශයේ දැරියකට, සිය කුඩම්මා විසින් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාගම පොලීසිය අදාළව කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්වූ 17 හැවිරිදි දැරිය පොලිස් නිලධාරිනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම දැරියගේ පියා විදේශගතව සිටින අතර, ඇය ජීවත්වන්නේ සිය කුඩම්මා සමග බවට අනාවරණ වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේසංසරණය වන වූ මෙම වීඩියෝවෙන් පසුව දැරියට පහරදෙන කාන්තාව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය ශාරීරික හෝ මානසික පීඩාවකට ලක්ව ඇතිද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.