ඔස්කාර් හි හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගත් පළමු ආසියාතිකයා
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබෙනවා.
එහිදී හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙවර එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණා.
ඒ, Everywhere All at Once” සිනමා පටය වෙනුවෙන්.
සුදු හමක් නොමැති අයෙක් එම සම්මානයට පාත්ර වූ පළමු අවස්ථාවද මෙය වනවා.
මෙහිදී හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තා.