විදුහල්පතිගේ මත ගැටුම් නිසා පාසල් දැරියන් අව් රශ්මියේ විභාගය ලියයි
කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන්ට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අව් රශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවන්ට පත්ව තිබෙනවා.
අදාළ සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඇතම් සිසුවියන් අව් රශ්මියෙන් බේරීම සඳහා යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි එහිදී සිදුවුණා.
මෙලෙස සිසුවියන් එළිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ මාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවත් එළිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ, පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවද සිසුවියන්ගේ මාපියෝ පවසා සිටියා.
එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම දරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවත් දෙමාපියන් වැඩිදුරටත් සඳහන් කළා.