Latest News

ඔස්කාර් දිනූ පුංචි අලි පැටවාට දැඩි සංචාරක ආකර්ෂණය…

පසුගියදා අවසන් වූ 95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේ හොඳම කෙටි චිත්‍රපයට හිමි සම්මානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, Kartiki Gonsalves විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Guneet Monga විසින් නිෂ්පාදනය කරන ලද The Elephant Whisperers කෙටි චිත්‍රපටය වෙනුවෙන්.

The Elephant Whisperers යනු කෙටි චිත්‍රපට කාණ්ඩයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වනවා.

මුදුමාලෙයි ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව නිර්මාණය වූ Elephant Whisperers යන කෙටි චිත්‍රපටයට පාදක වූ කතා වස්තුව වූයේ ආදිවාසී යුවළක් වන බොම්මන් සහ බෙලිගේ රැකවරණය ලබන රඝු නම් අනාථ අලි පැටවෙකුගේ කතාවක්.

වාර්තා චිත්‍රපටය පෙන්නුම් කරනු ලබන්නේ මෙම අලි පැටවා සහ ආදිවාසී යුවල අතර ඇති වන බැඳීම මෙන්ම ඔවුන්ගේ වටපිටාවේ ස්වභාවික සුන්දරත්වයයි.

මෙම කෙටි චිත්‍රපටය 2022 දෙසැම්බර් මාසයේදී Netflix හි තිරගත විය.

මෙම සම්මානයට පාත්‍ර වූ රඝු නම් වූ අලි පැටවාට මේ වන විට සංචාරකයින් ගේ දැඩි ආකර්ෂණයක් හිමිකර ගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තමිල්නාඩුවේ පිහිටි මුදුමාලෙයි ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පිහිටි අලි සුරැකුම් මධ්‍යස්ථානයක දිවි ගෙවන මෙම අලි පැටවා බැලීමට මේ වන විට සංචාරකයින් දිගින් දිගටම පැමිණෙන බවයි එම මාධ්‍ය වාර්තා කර සිටින්නේ.