වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ ඉතාමත් දුර්ලභ සිදුවීමක්…
වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය අනාවරණ වී තිබුණේ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම සහ හිස විශාලවීම හේතුවෙන් සිදුකළ පර්යේෂණයකින් පසුවයි.
වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන්නේ නිරන්තර රුධිර සැපයීම හේතුවෙන් කළලය තුළ ජීවය පැවතිය ද එහි වර්ධනයක් සිදුවී නොමැති බවයි.
වර්තාවල සඳහන් වන්නේ මෙය කලලයක් තැන්පත් වන දුර්ලභ අවස්ථාවක් ලෙසත් මෙය පරපෝශිත නිවුන් තත්ත්වයක් ලෙස ද හැඳින්විය හැකි අතර ගැබ් ගැනීම ආරම්භයේ දී මෙය සිදුවන බවයි.
මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේ පිළි ගැනෙන්නේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් ලෙසයි.