Latest News

බදු ප්‍රතිසංස්කරණ කිරීමේදී දුප්පත් ජනතාව ආරක්ෂා විය යුතුයි – ක්‍රිස්ටලීනා ජෝර්ජීවා

අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළා.

නමුත් එසේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් ජනතාව ආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතු බවද ඇය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් වසර 4 ක කාලයක් තුළ ලබා දීම සඳහා ඊයේ(20) පැවති විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය හිමි වීමත් සමඟ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.