Latest News

කුවේටයේ රැකියා කෙරූ කාන්තාවන් 38ක් දිවයිනට පැමිණෙයි

කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද (22) දිවයිනට පැමිණ තිබෙනවා.

අද (22) උදෑසන යූ. එල් – 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් මෙරටට ළගා වූ බවයි වාර්තා වන්නේ.

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම පිරිස යළි දිවයිනට ඒවා ඇති අතර එම පිරිස අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දස දෙනෙකු සිට තිබෙනවා.