නවතම ප්‍රවෘත්ති

ඇගේ දායකත්වය නොවෙන්නට හෝකන්දර සය පුද්ගල ඝාතනය අදටත් අභිරහසක් වෙන්නට තිබුණා…

‘DNA’ යන්න වර්තමානයේ දී සෑම කෙනෙකුගේම පාහේ කනට හුරු වචනයකි. එහෙත් මීට දශක තුනකට පමණ ඉහතදී ඒ කතාව ඊට වඩා හාත්පසින් වෙනස්ය. වර්ෂ 1999 පෙබරවාරි දසවනදාට ඉර පෑව්වේ එවැනි වටපිටාවක් මෙරට තිබියදීය. DNA සහ මෙම දිනය අතර සබඳතාව කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් තිබිය හැක. මෙරටට DNA තාක්ෂණය පැමිණීමට අඩිතාලම වැටුණේ මේ දිනය නිසාය. එසේ වුවද මේ දිනය කිසිසේත් සොඳුරු නැත; කිසිවකු එවැනි දිනයක් අපේක්ෂා කරනවා තබා මතකයේ තබා ගැනීමට හෝ මනාප නොවන බව සහතිකය.

 

නව ප්‍රාර්ථනා සමග දවස අරඹන බොහෝ දෙනෙකු සේ හෝකන්දර අමරගොඩ පාරේ පදිංචිව සිටි ලලනදාස පවුලේ සාමාජිකයන්ට ද මේ දිනය නැවුම් විය. ඔවුහු පළාතේ වැදගත්කමක් ඉසිලූ පවුලකට අයත් වූහ. එහි සාමාජිකයින් හය දෙනෙකි. ඒ මව, පියා, දියණියන් තිදෙනා සහ පුතාය. ගමේ අය සමග ඔවුන්ට වැඩි ඇයි හොඳැයියක් තිබුණේ නැත. එහෙත් ඔවුන් සමග ලලනදාස පවුලේ අයට අමනාපයක් ද නොතිබිණ. නොහොඳ නෝක්කාඩුවක් තිබුණේනම්, යාබද පදිංචිකරුවකු වන අමරදාස සමග පමණි. ඊට හේතුව අමරදාසගේ ඇතැම් ක්‍රියාකාරකම්වලට ලලනදාස විරෝධය පෑමයි. එනිසාම අමරදාසලාගෙන්, ලලනදාසලාට විවිධ හිරිහැර ද තිබිණ.

 

අමරදාස පාර්ශ්වය කළ පහරදීමකට අදාළව පැවති නඩු විභාගයක වාරයක් මේ කියූ දිනයට යෙදී තිබිණ. ඊට සහභාගී වූයේ ලලනදාස පවුලේ මව සහ දියණියයි. කෙසේ වෙතත් විත්තිකාර අමරදාස පාර්ශ්වයේ ඇතැම්හු එදින නඩු විභාගයට සහභාගී නොවූහ. ඔවුන්ට වෙනත් සැලසුමක් තිබිණ. එහෙත් එය එකම පවුලක සය දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම බව දැනගනිද්දී එය නැවත හැරවීමේ ක්‍රමයක් තිබුණේ නැත. ලලනදාස පවුලේ සියල්ලන්ගේ දිවි තොර කර තිබිණ. එය දැනගැනීමෙන් පසු කිරීමට ඉතිරි වූයේ වරදකරුවන් සොයා දඬුවම් දීම පමණි.

 

හෝකන්දර එකම පවුලේ හය දෙනෙකු ඝාතනය කිරීමේ පුවත රට පුරා පැතිර ගියේය. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය වූයේ එයයි. රටම මේ ගැන කම්පා විය. මෙම ඝාතන සිදුවීම ගැන විශේෂයෙන් සොයා බලන ලෙස එවකට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නට දැනුම් දුන්නේය. ඔහු විද්‍යාත්මකව සහ කලාත්මකව පැමිණිල්ල මෙහෙයවීමට නම් දරා ඇති විශිෂ්ටයෙකි. හෙතෙම විමර්ශකයින් හෙළි කළ වැදගත් තොරතුරකට අවධානය යොමු කළේය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවකුගේ ටීෂර්ටයේ රුධිරය තැවරී තිබිණ. එය මෙරට නීති ඉතිහාසයේ නව පරිච්ඡේදයකට අඩිතාලමක් දමනු ඇති බව ඔහුට හැඟිණ. එබැවින් එම ටී ෂර්ටය ප්‍රවේසම් සහගතව තබන ලෙස විමර්ශකයින්ට දැනුම් දුන් ඔහු, පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශ ප්‍රධානියා වෙත ගියේය.

“සර්, දැන් ලෝකෙට DNA තාක්ෂණය හඳුන්වලා දීලා තියෙනවා. අර ටී ෂර්ට් එකේ තියෙන ලේ බොහෝ දුරට මැරුණ හය දෙනාගෙන් කෙනෙකුගෙ වෙන්න ඇති. ඒ නිසා අපිට DNA තිබුණනං වටිනවා.”

රෂ්නිකා ලියනගේ

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න