නවතම ප්‍රවෘත්ති

19 පහළ ක්‍රිකට් ලෝක කණ්ඩායමට දෙව්මි විහංගා එක්වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සලය නම් කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා දෙව්මි විහංගා නම් කර තිබෙනවා.
Read More »

තුරඟ තරග පිටිය අසලදී ඝාතනයට ලක්වූ චතුරිගේ පියා හැඬු කඳුලින් සාක්ෂි දෙයි

සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුවකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 13 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
Read More »

සිය මිය ගිය රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත බිරිඳ විරෝධතාවයක

මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් තමන්ට නොලැබුණ බව පවසමින් රණවිරු බිරිඳක් නිහඬ විරෝධතාවක නිරත වී තිබෙනවා.
Read More »

තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධ හිරුණිකාගේ නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවා තබාගෙන තර්ජනය කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට ගැනීමට දින නියම කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (30) නියෝග කළා.
Read More »

“අපේ අම්මා” ලංකාවේ වැඩිම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව බවට පත්වෙයි…

"Ape Amma" යූටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.

නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව,‘අපේ අම්මා’ නාලිකාව අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් අමෙරිකානු ඩොලර් 962,386ක් උපයනු ලබන බව සඳහන් වනවා.
Read More »

ළමුන් අතරටත් ගිය ලාදුරු…

පසුගිය වසරේ වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට මෙරට වයස අවුරුදු 14ට අඩු පාසල් දරුවන් අතරේ ලාදුරු රෝගය ව්‍යාප්තවීම වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවයි.
Read More »

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන “ඩිස්කෝ” අත්අඩංගුවට…

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් "ඩිස්කෝ" නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »