පුංචි මැණිකා ලෙනාඩ් වුල්ෆ් ට නොකී රහස!
මීට දශක දෙක තුනකට කලින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැද්දේගම කියලා හරි අපූරු ගමක් තිබුණා.
ලෙනාඩ් වුල්ෆ් මහත්තයා ලියැපු ‘බැද්දේගම’ නවකතාව නිසා අදටත් මේ ගම ගැන නොදන්න කෙනෙක්
නැති තරම්. ඉතින් මේ ගම් තුලානේ මිනිස්සු අවුරුද්දේ දවස් 365න් වැඩි හරියක්ම දැඩි හිරු රශ්මිය නිසා
පීඩා වින්දා. ඉඳලා හිටලා වැහි වේල්ලක් දෙකක් වැටුණත් ඒ වැටෙන්නේ හරියට කණ කැස්බෑවා විය
සිදුරෙන් අහස දිහා බලනවා වගේ හරිම කලාතුරකින්. ඉතින් ඔය විදියට කෙළවරක් නැති අධික පෑවිල්ල
නිසා මේ පැත්තේ ජීවත්වුණු බහුතරයකගේ සම වියැළිලා, තොල් පැලිලා අවපැහැගැන්විලයි තිබුණේ.
හැබයි මේ ගමේ මැණිකක් වගේ දිලිසි දිලිසි හිටපු පුංචි මැණිකාට ඔය කාරණේ බලපෑවේ නෑ.
අව්කාෂ්ඨකේ කොයිතරම් හයිරම් කළත් පුංචි මැණිකා මුවැත්තියක් වගේ ලස්සනට හිටියා. කාටවත්
නොකිව්වට මොකද ඉර හතක් පෑව්වත් සම වියැළීම වළක්වාගන්න රහසක් සමහරවිට පුංචි මැණිකා ළඟ
තියෙන්න ඇති. ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාවෙත් මේ පුංචි මැණිකා ගැන ලියැවිලා තිබුණට ඒකි
මැණිකක් වගේ බැබළුනු රහස ගැන නම් ඒකෙ ලියැවිලා නෑ. හැබැයි ඒ විදියට අව්රශ්මිය එක්ක ඔට්ටු වෙන
ගමන් නිකැළැල් සමක් පවත්වාගෙන යන විදිය ගැන රහස් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නම් ඕනෑතරම්
සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ ගැනයි අද කියන්න යන්නේ.
සම කියන්නේ මිනිස් සිරුරේ තියෙන විශාලතම ඉන්ද්රිය. සිරුරේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම සහ
සිරුරට පිටතින් ඇතුළු විය හැකි අහිතකර තත්ත්ව වැළැක්වීම තමයි සමේ ලොකුම රාජකාරිය. ඉතින් හිරු
රශ්මිය නිසා විතරක් නෙවෙයි, හෝමෝන අසමතුලිතතාව, පෝෂණීය ආහාරවේලක් නොලැබීම, රෝග
සඳහා ලබාගන්නා ඖෂධවල බලපෑම, කොලොස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්ව නිසාත් සම
අවපැහැගැන්වීම ඇතුළු විවිධ සංකූලතා හටගන්න පුළුවන්.
ඒ වගේම අධික සීතල වැනි පාරිසරික බලපෑම්, සමේ අපිචර්මයේ ක්‍රියාකාරීත්වය අඩාලවීමෙන් ස්වභාවික
මේදය නිපදවීම අඩාල වීම, වයස්ගතවීම, සමේ ඇදෙනසුළුබව අඩුවීම, ජානමය බලපෑම් වගේම
ප්‍රමිතියෙන් තොර බාහිර ආලේපන නිසාත් සම වියැළී යන්න පුළුවන්. ඒ වගේ හේතුමත සම වියැළීම
වළක්වා ගන්න පහත සත්කාර ඉතා වැදගත්.
*මී පැණි හා කෝමාරිකා මිශ්‍රකර සිරුරේ ආලේප කරගන්න.
*හොඳින් වතුර පානය කරන්න.
*සමබල ආහාරවේලක් ලබාගන්න.
*එළකිරි, පිපිඤ්ඤා, වියළි කහ ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍රකර සමේ ආලේප කරන්න.
*රාත්‍රියට ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන සමෙහි ආලේප කරගන්න.
*සබන් වර්ග, මුහුණු ආලේපන තෝරාගැනීමේදී ඔබේ සමට ගැළපෙන විදියට තෝරාගැනීමට
වගබලාගන්න.
*නිතර දෙවේලේ උණුවතුර ස්නානය කිරීමෙන් වළකින්න.
*හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක් ගෙන එය හොඳින් පොඩිකර මී පැණි ස්වල්පයක් සහ එළකිරි
ස්වල්පයක් සමඟ හොඳින් මිශ්‍රකර සමෙහි ආලේප කර විනාඩි 20කින් සෝදාහරින්න
*රාත්‍රියට නින්දට යාමට පෙර ස්වභාවික පොල්තෙල් සමෙහි ආලේප කරන්න.
*ඔබ අධිකව හිරුඑළියට නිරාවරණය වුණත් නැතත් දහවල් කාලයේ සන් ක්‍රීම් එකක් භාවිත කරන්න.
*ඕට්ස් තේ හැඳි තුනකට මී පැණි තේ හැඳි දෙකක්, වතුර ස්වල්පයක් එක්කර එම මිශ්‍රණය මඳක්
රත්කරන්න. ඉන්පසු එය මුහුණේ තට්ටුවක් ලෙස ආලේප කර විනාඩි 10කින් උණුසුම් ජලයෙන් සෝදා ඉවත්
කරගන්න.
*ස්නානය කරන වෙලාවට වතුරට, ඔලිව් ඔයිල්, පොල්තෙල්, ජොජෝබා වැනි තෙල් වර්ග ස්වල්පයක්
එක්කර ගත හැකි නම් සම වියැළී යාමට එය ද හොඳ විසදුමක්.
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික් , මාවනැල්ල
නෙත්මි තෂාරා