ප්‍රධාන පුවත

බඩට බත් වේලක් නැතත් මදි නොකියන්න ගුටිකන අම්මලා දිනපතාම අපිට මුණගැහෙනවා

ගෙදරක පුංචි බබෙක් ඉපදුණාම අම්මටයි බබාටයි මාස කිහිපයක්ම නොමිලේ ත්‍රිපෝෂ හම්බෙනවනේ. අම්මලා ඉතින් ඒ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ගෙනිච්චම ගෙදර ඉන්න අනිත් අයගෙත් ඉහේ මල් පිපෙනවා. ඔය ත්‍රිපෝෂ පැකට් අම්මලාට බෙදලා දෙන්නේ ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැත්තම් මිඩ්වයිෆ් නෝනා.
Read More »

දරුවො ලැබුණා කියලා ගෑනු කෙනෙක් හීනවලට නොයා ඉන්න ඕන නෑ

“චිත්‍රපටි, කැමරා එක්ක මට තියෙන බැඳීම අදක ඊයෙක ඇතිවුණු එකක් නෙමෙයි. අවුරුදු අටේදී තාත්තා මට රීල් කැමරාවක් ගෙනල්ලා දුන්නා. එදා ඉඳලා ඉතින් මම කැමරාවට ආදරෙයි. අනික අපේ අම්මයි, තාත්තයි දෙන්නම ෆිල්ම් බලන්න හරි රුසියෝ. මාත් ඉතින් පොඩි කාලේ ඉඳලම එයාලා එක්ක ෆිල්ම් බලනවා.”
Read More »

ඉස්සර නොනිවී දැල්වුණු ඒ දැල්ල දැන් වරින් වර නිවෙන එක ගැන අපිටත් දුකයි

මේ දවස්වල අලුතෙන් පිරිපහදු කරන්න පුළුවන් බොරතෙල් වර්ග ගැන අපි අධ්‍යයනය කරනවා

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රසායන ඉංජිනේරු
අනෝමා කමල් සෙනෙවිරත්න
නියෝජ්‍ය කළමනාකාර
තාක්ෂණ සේවා (ව්‍යාපෘති)
Read More »

නැන්දේ මාමේ, අපේ ලස්සන පොළොව කැත කරන්න එපා

අද ‘ධරණී’ කවරය වෙනදට වඩා ටිකක් වෙනස් බව පුවත්පත අතට ගත්තු ගමන්ම හිතුණා නේද? අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කරලා ලක්බිමේ බුදුසසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පොහොය අද දවසට (14) යෙදිලා තියෙනවානේ.
Read More »

ආහාර හිඟයක් ආවත් දෙයියනේ කියලා අපිට නම් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ

ඉවත දාන දණ්ඩක් වුණත් දළු දාලා පැළවෙන පොළොවක්නේ අපිට තියෙන්නේ කියල කිව්වට මොකද අපි කීයෙන් කී දෙනාද ඒ පොළොවෙන් ප්‍රයෝජන ගන්නේ? ගොඩක් අයට ඔය වගේ ලොකු ලොකු කතා මතක් වෙන්නෙත් මේ වගේ අමාරු කාල ආවම විතරයි. මතකනේ කොරෝනා කාලේත් රැල්ලට වවන්න පටන්ගත්තු බහුතරේට පස්සේ ඒ වැවිල්ල අමතක වුණා.
Read More »

සැලෝන් එකට මගේ නම දාගන්නවට වඩා මම බැලුවේ මාකට් කරන්න පුළුවන් නමක්

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැවුම්වූත්, පලදායීවූත් වෙනසක් එක් කරමින් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ජාත්‍යන්තර ඇකඩමිය (LAB) පිහිටුවන්නේ මෙයට වසර දහඅටකට ප්‍රථමයි. සිසුන් හයදෙනෙකුගෙන් පමණ ඇරඹුණද අද වනවිට එම ඇකඩමියෙන් දැනුම හා කුසලතා වර්ධනය කරගෙන ක්ෂේත්‍රයට එක්ව ඇති පිරිස දසදහසක් පමණය.
Read More »

දුකින් පිරුණු ගිහි ජීවිතේට වඩා බුදුන්ගේ හෙවණ මට හරි සනීපයි

මහින්දාගමනයේද මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන ඒ කාලේ රටේ යුවරජ්ජුරුවෝ වෙච්චි මහානාම රජුගේ බිසව, අනුලා දේවියගේ හිත් පැහැදුනාලු. ඉන්පසු ඇය තවත් පන්සියයක් කුල කාන්තාවන් එක්ක පැවිදි බිමට පිවිසීමට අවශ්‍ය බව මිහිඳු හිමියන්ට දන්වා සිටියා.
Read More »

සිංහල වගේම දමිළ රසික පිරිසකුත් ඉන්න එක මට සතුටක්

සුරූපී ඉන්දියානු නිළි අයිශ්වර්යා රායිගෙන් නිවේදකයෙක් දවසක් මෙහෙම අහනවා.

‘‘අයිශ් ඔයාට ඉස්කොලේ යන කාලේ හොඳට ඉගෙනගන්න පුළුවන් කියන්නේ ඇත්තද?’’
Read More »

ඉස්සර කොළඹ ආවාම තාත්තයි මමයි බස් හෝල්ට්වලත් නිදි මරලා තියෙනවා

තැන්පත් පෙනුමක්, භාවමය කටහඬක් එක්ක හොඳ අත්ගුණයක් තියෙන කාන්තාවකට ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඒ කාලේ ඍෂිවරු කියලා තියෙනවලු. භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ට ඔය හැම ගුණාංගයක්ම පිහිටා තිබුණලුනේ.
Read More »

එක පිරිමි ළමයෙක් ගෙදරින් පැනලා ඇවිත් අපේ ගේ ගාව කුලී ගෙදරක නැවතුනා

ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරනා දෙකක්. හැබැයි ගොඩක් දෙනා මේ දෙක පටලගන්නවා. හොද දේවල් නෙවෙයි නරක දේවල් විතරක් කරලා වුනත් කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. එහෙම ප්‍රසිද්ධ වුණු උදවිය ඕනතරම් ඉන්නවා.
Read More »

අම්මා විදුහල්පති දුව නියෝජ්‍ය විදුහල්පති එකම ඉස්කෝලේ

‘අම්මයි - දුවයි ’ එකම පාසලේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වීම ටිකක් විපරම් කර බලන්නට තරම් රසවත් සිද්දියකි. ඒ නිසාම මේ විදුහල්පති මව වන ආචාර්ය තුෂාරි කෝරලගේ සහ නිජෝජ්‍ය විදුහල්පති දියණිය සචිනි තෙන්නකෝන් සිටින ඒෂියන් ග්‍රැමර් පාසැල සහ ගිග්ල්ස් ජාත්‍යන්තර පෙර පාසල තරමක් විශේෂය.
Read More »