ප්‍රීතිමත් ජීවිතයකට

විවාහ වෙන්න කලින් ‘Room’ වලට ගොඩවැදෙන්න එපා මගෙ දුවේ

ඒ දුවගේ තිබුණ පැහැබර බව හා දයාබර බවින් පිරුණු පෞරුෂය නිසා පංතියේ ළමයින් ඇයට ගෞරව කළ බවක් පෙනුණා. ඒත් දවසක් දුව ඇවිත් මට එකම පැමිණිල්ලක් කරා. ඒ එයා පිටිපස්සෙන් එන පිරිමි ළමයෙක් ගැන
Read More »

පද හදන අය ඉදිරියේ පරදින එකම තමයි දිනුම!

තව ගැහැනියක් ඔයාට නින්දා කරොත් නිශ්ශබ්දව එතැනින් ඉවත්වෙන්න, ඒ ඔයාගේ ක්ලාස් එක. ඔයාව පිරිසක් ඉස්සරහා කොන් කරන්න හදනවා නම් එතැන එයාට වීරවරිය වෙන්න දීලා ඔයා පාඩුවේ පැත්තකට වෙන්න. ඒ ඔයාගේ වැදගත්කම
Read More »

ගැහැනු ස්වාධීන වෙන්න ඕන පිරිමින්ට පාඩම් උගන්වන්නද?

සල්ලි හම්බකරන්නත් ලේසියි, වියදම් කරන්නත් ලේසියි. සල්ලි මැනේජ් කරගෙන මාසේ ගේම ගහන්නයි අමාරු. ඒ තැන්වලදි බොළඳ වුණොත්, සංවේදි වුණොත් අපිට වරදින්න පුළුවන් ඉඩ වැඩියි
Read More »

යක්කුන්ට දොළ පිදේනි දුන්නත් එකයි පවුල් ප්‍රශ්න පිටට දුන්නත් එකයි

එයාට කියන්න තිබුණා අතීතයේ ඔයාගේ අතින් එහෙම වැරදි වුණු නිසානේ ඔයාට ඇඟිල්ල දික් වෙන්නේ, ඒවාට මට කරන්න දෙයක් නෑ කියලා. හැබැයි ඒ කිසිම වෙලාවක ඔයාගේ ප්‍රශ්න ඔයා විසඳගන්න කියලා මාව තනි නොකර එයා මං වෙනුවෙන් පෙනී හිටියා
Read More »

කැත්තට පොල්ල වගේ හිටියොත් දීගෙට ආයුෂ අඩුයි

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙන තැනට එනකල් හිටියොත් සමහරවිට ජීවිතේ ගොඩක් වටිනා දේවල් අපිට අහිමිවෙන්න පුළුවන්. ලෙඩක් දුකක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි පවුල් ජීවිතේටත් ඒ කතාව අදාළයි.
Read More »

ගෙදරට වෙලා කකා බිබී ඉන්න ගෑනුන්ට මොන මහන්සියක්ද?

කොන්දේසි විරහිතව ආදරේ දෙන්න මට පුළුවන් වුණාද? අනෙක් කෙනාගෙ අමාරුම මොහොතවල්වල මම එයා ළඟ හිටියද? විශ්වාසය පෙරදැරිව ආදරය දිය යුතු තැන්වලත් මම එයාව විනිශ්චය කළාද?
Read More »

වෛවාරණ විච්චූරණ කරන දූලට කතා හදන්න ඉක්මන් වෙන්න එපා

අද කතාව පටන්ගන්න කලින් මේ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා මම හිතුවා. ‘ධරණී’ ට මා ලියන්නේ දියණිවරුන් පිළිබඳ ලිපි පෙළක්. මොකද ‘ධරණී’ මගෙන් ඉල්ලීමක් කළේ විශේෂයෙන් දූලා ගැන ලියන්න කියලා. මේ දිනවල මම මගේ ජීවිත කතාව ‘නමුණුකුළෙන් හන්තානට’ කියලා ලියලා ඉවරයි.
Read More »

මොළේ කළඳක්වත් නැතුව Sexy වුණාම විතරක් ඇතිද?

“සාර්ථක පවුල් ජීවිතයකට ඕන කරන ලොකුම දේ තමයි දෙන්නට දෙන්නා තේරුම්ගැනීම. අන්න ඒ තේරුම්ගැනීමටයි ස්වාමිපුරුෂයෙකුට හොඳ ව්‍යවහාරික බුද්ධියක් තියෙන බිරිඳක් අවශ්‍ය වෙන්නේ. ඒ විදියේ තේරුම්ගැනීමක් තිබ්බොත් තමයි දෙන්නා අතර හොඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ.
Read More »

නීති දාන්නෙ මළපෙරේතකමට මිසක් ආදරේට නෙවෙයි

මේක ආදරේ ගැන කතාවක්. මං තදින්ම විශ්වාස කරනවා අපේ ජීවිතවල සතුට රැඳිලා තියෙන්නේ ආදරේ හින්දා කියලා.

මගෙයි දහම්ගෙයි ආදර සම්බන්ධය පටන්ගනිද්දි මං හිටියේ උසස් පෙළ පන්තියේ. දහම් දෙවැනි වතාවට උසස් පෙළ කරන ගමන්. මුල් කාලේ දහම්ට ළංවෙන්න මට ලොකු බයක් තිබ්බා.
Read More »

අනිත් දේවල් වගේම ලිංගිකත්වය ගැනත් අපි කතා කරනවා

ගොඩක් වෙලාවට ගෑනු අපි උදේ ඉඳන් කරන වැඩ කන්දරාව එක්ක රෑ වෙද්දි ඇඳට වැටිලා අතපය දිග ඇරන් නිදියගන්නයි ආස. ඒත් පිරිමියෙක් තමන්ගේ බිරිඳගේ ආදරණීයබව තුළින් එයාලගේ දවසේ මහන්සිය, පීඩනය පිටකරගන්නයි කැමති. එහෙම දෙවිදියක් වුණාමත් අපි නොහිතන ගැටලු ඇතිවෙනවා
Read More »

ලෝකෙට හොඳවෙලා ගෙදරට එපාකරපු මිනිහෙක් වෙන්න මට ඕන නෑ

යාළුවෙක්ට උදව් කරන්න යන්න මට බැරිකමක් නෑ. ඔයත් කියයි යන්න, ගිහින් උදව් කරලා එන්න කියලා. හැබැයි දිගින් දිගටම ඒක කරන්න ගියොත් ඔයලා එක්ක ඉන්න තියෙන කාලයයි මට නැතිවෙන්නේ. මං ඒකට කැමති නෑ
Read More »