ප්‍රීතිමත් ජීවිතයකට

වද දෙන නෑයොන්ට වඩා වේයො හොඳයි

අපේ ඔලුව අවුල් කරන අනවශ්‍ය දේවල් මගහැරලා, අනවශ්‍ය පුද්ගලයන් ඈත් කරලා ඉන්න තරමට අපේ මනස නිදහස්. පුළුවන් තරම් එහෙම දේවල්වලින් ඒ විදියේ පුද්ගලයන්ගෙන් දෙපාරක් නොහිතා ඈත්වෙන්න
Read More »

වැරදි අඩුපාඩු පිළිගන්න බැරි කෙනෙක්ට ‘හොඳම අම්මා’ කෙනෙක් වෙන්න පුළුවන්ද?

හොඳම අම්මා වෙන්නවත් හොඳම බිරිඳ වෙන්නවත් මේ ලෝකේ කිසිම ගැහැනියකට බෑ. ඒ අපි කවුරුත් සර්වසම්පූර්ණ ගැහැනු නොවෙන හින්දා. ඒ නිසා හොඳම බිරිඳ වෙන එක කෙසේ වෙතත් මගේ දරුවන්ට හොඳම අම්මා වෙන්න මම නිතරම උත්සාහ කරනවා. ඒක මගේ හීනයක්. ඒත් ඒක හරි අමාරු වැඩක්.
Read More »

ඔන්න කිව්වා මෙන්න ගියා නෙවෙයි මාස ගාණක් සැලසුම් කළා

කලින් ප්ලෑන් නොකර හිතුණ ගමන් යන ට්‍රිප් හරි සුන්දරයිනේ. ජීවිතේ එහෙම අත්දැකීම් ඔයාට, මට වගේම හැමෝටම ඇති. ඒත් මේ නිවාඩුවෙදි මට හිතුණා මාස ගාණක් තිස්සේ සැලසුම් කරලා යන ට්‍රිප්වලත් ඒ සතුටම තියෙනවා කියලා.
Read More »

මහත්තයාගේ අනියම් සබඳතා ඉවසා වදාරන නෝනලා නිවන් දකිනවද?

හැමදේටම එහෙයි කියාගෙන ඉඳලා අනිත් මිනිස්සුන්ගේ හිත් දිනාගත්තු පලියට පවුල් ජීවිතේවත් සාමාන්‍ය ජීවිතේවත් සාර්ථක කරගන්න බැහැ. ඒ නිසා මුලින්ම තමන්ගේ වටිනාකම අඳුනගෙන හොඳ පෞරුෂයක් ගොඩනගාගන්න
Read More »

ඉස්කෝල නිවාඩු කාලෙදි අම්මා ගෙදර ප්‍රින්සිපල් වුණොත් නම් වැඩේ අවුල්

මට ඕනේ නිවාඩුවේ ගෙවෙන හැම දවසක්ම දරුවන්ට විශේෂත්වයක් දැනෙන්න දෙන්න. දවස ගාණේ මතක හිටින ලස්සන මතක එකතු කරලා දෙන්න. මගේ බලාපොරොත්තුව ගෙවුණ සුමානේට වඩා හොඳින් අලුත් සුමානේ එයාලගේ නිවාඩුව සතුටෙන්ම පුරවන්න
Read More »

ඝන රැවුලකුයි, ගොරෝසු කටහඬකුයි තිබුණාම මදිද? කේන්දර ගලපන්නත් ඕනද?

“අපි හොයන කිසිම කෙනෙක්ට දුව කැමති වෙන්නේ නැහැ. එයා කෙනෙක් හොයාගන්නෙත් නැහැ. මැරි කරන එක නැති එක එයාගේ තීරණයක්. හැබැයි එයාට වෙන ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ. එයා අපි එක්ක ඒ ගැන කතා කරන්නෙත් නැහැ. ඒකයි අපි මිස්ව මුණගැහෙන්න ආවේ.”
Read More »

ඔයනම් ෂුවර් එකටම හොර කපල් එකක්

“විවාහයකට යනවා නම්, ප්‍රථමයෙන් ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න. ‘මේ පුද්ගලයා සමඟ මහළුවිය දක්වාම හොඳින් කතා කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවාද?’ විවාහයේ අනෙකුත් සියල්ල අස්ථිර වේ.”
Read More »

අඩුපාඩු හැදෙන්නේ ආදරෙන් කිව්වමද? ආඩපාලි කිව්වමද?

රැකියාවක් නොකළා වුණාට ගෘහණියක් විදියටත් මං කාර්යබහුලයි. ඒත් ඒ කාර්යබහුලත්වය ඇඟටවත් හිතටවත් පීඩාවක් කර නොගෙන සරලව දවස ගෙවන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. ඒ උත්සාහය ඊයේට වඩා අද සාර්ථකයි කියලා දැනුණාම මට ගොඩක් සතුටුයි. කොහොමද දන්නවද මම ඒක බලාගන්නේ?
Read More »

ඔයාගේ මහත්තයා එහෙම වුණාට අපේ මහත්තුරු එහෙම නෑනේ

කසාද බැන්දාට පස්සේ හැමදේම බෙදාගන්න පළවෙනි කෙනා මහත්තයා වෙන්න ඕන කියලා මං තේරුම්ගත්තේ, යාළුවන්ට පෞද්ගලික දේවල් කියලා, ඒවා පිට අයගේ කන්වලටත් ගියාට පස්සේ
Read More »

සෙවල පෙරන මහත්තුරුන්ට ෂර්ලොක් හෝම්ස් නෝනලා ලැබුණම මොකද වෙන්නේ?

ගෑනු කැමති කන පිනවන්න වුණාට පිරිමි කැමතිම ඇස් පිනවන්න. ඒක දෙගොල්ලොම තේරුම්ගන්න ඕන

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
Read More »
1 3 4 5 6 7 9