ප්‍රීතිමත් ජීවිතයකට

ගතේ ලෙඩට බෙහෙත් බිව්වට මොකද හිතේ ලෙඩටනම් කෝපි කෝප්පෙකුත් හොඳයි

හිතෙන්, මනසෙන් වැටෙන තැනයි මං ශක්තිමත් වෙන්න ඕන තැන කියලා මම තේරුම්ගත්තා. ඊටපස්සේ මම කළේ මට පුළුවන් වැඩ කොටස විතරයි. ඊට වඩා එහාට වැඩ කරන එක මං නතර කළා.
Read More »

ආදරෙන් කියනවනම් ‘ඕයි’ කිව්වත් එකයි ‘මගේ පණ’ කිව්වත් එකයි…

අම්මගෙයි තාත්තගෙයි තියන බැඳීම ගැන දරුවන්ට කියල දෙන එක අපේ වගකීමක්. එහෙම කියලා දුන්නේ නැති වුණාමයි, තාත්තා අම්මාගේ කවුද ඇහුවාම ‘අයියා’ කියලා කියන්නේ.
Read More »

හොද්දට ලුණු වැඩි වුණාම බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ ඇයි?

‘‘ඉස්සර එයා මට හරිම ආදරෙයි, දැන් එහෙම ආදරේ නැහැ... දැන් එයා මට ආදරෙන් කතා කරන්නෙත් නැහැ ඒකයි මම හැමවෙලේම රණ්ඩු කරන්නේ...’’
Read More »

දැනෙන්න ආදරේ කළොත් කසාද සහතිකේ අවලංගු වෙනවද ?

හිත්වල ආදරේ පිරිලා තිබුණත් ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන විදියට දෙන්න බැරි වුණාම තමයි පවුල් ජීවිත අවුල් වෙන්නේ. ප්‍රශ්න තිබ්බත් ආදරේ තියන තැනක ඒවාට උත්තර හොයාගන්න ලේසියි. අද මං මේ ලියන්නෙත් ඒ වගේ කතාවක්. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් වුණත් ඔබට ජීවිතයට යමක් ඉන් එකතු කරගත හැකියි කියන එකයි මගේ විශ්වාසය.
Read More »

සංසාරේ කරපු සෙල්ලම නිසා මේ ආත්මෙත් විඳවන්න වෙලා නේද?

මගෙ පින්වත් දුවේ.. එක දවසක් මගෙ භාග්‍යවතුන් වහන්සේගෙ සෙවනට ඇවිත් බලන්න. එතැන හරි සුවයි. රැකගන්න දේවල් නැහැ. පරිස්සම් කරන්න දේවල් නැහැ. හරි සුවපත්.
Read More »

‘ඉන්න බැරිනම් දමලා ගහලා වරෙන්’ කියලා එදා තාත්තා මට කිව්වෙ නෑ

විවාහ ජීවිතෙත් හරියට විශ්වවිද්‍යාලයක් වගේ කියලයි වෙලාවකට මට හිතෙන්නේ. දවස ගානේ ගෙවෙන හැම විනාඩියකම අනිත් කෙනාගෙ සතුට සැනසීම වෙනුවෙන් ජීවත්වෙන්නෙ කොහොමද කියලා අපි අලුතින් ඉගෙනගන්නවා.
Read More »

මගේ මිනිහගෙන් මම හොරකම් කළාම කාටවත් ඇති රුදාව මොකක්ද?

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවටත් කියනවනේ. කොච්චර මිල මුදල්, බලය, සතුට තිබ්බත් සමහර අසික්ෂිත පුරුදු නිසා සමහරු ජීවිතේට කළු පැල්ලම් ඇති කරගන්නවා. ඉස්සර ඉඳපු මේරි කියන රැජිණත් ඒ වගේ කෙනෙක්. මේරි කියන්නේ වර්තමාන එළිසෙබත් රැජිණියගේ මිත්තණිය.
Read More »

ග්‍රහයට ඕන වෙලාවට ළමයි හදන්න නම් ඇයි මාව බැන්දෙ?

අපේ ජීවිත සාර්ථක කරගන්න යම් මට්ටමකට ඇදහිලි, විශ්වාස තියාගත්තට කමක් නැහැ. හැබැයි අනවශ්‍ය විදිහට එවැනි දේ පසුපස හඹා ගිහින් ජීවිත අසාර්ථක කරගත්තු අය ඕන තරම් මට මුණගැහිලා තියෙනවා.
Read More »

හිත ඇවිලෙන හැම වෙලාවකම නිවෙන්න හේතු ගෙදරින් හොයාගන්න

හැම සතියකම සිකුරාදා කියන්නේ මගේ සතුට වැඩිවෙන දවසක්. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි, සතිඅන්තේ එන නිසා. බැරිවෙලාවත් එහෙම සතිඅන්තෙකට පස්සෙ එන සඳුදාත් නිවාඩු නම් මම ඉන්නෙ ඉහේ මල් පිපිලා වගේ. ගිය සුමානේ සඳුදාත් නිවාඩු දවසක් හින්දා සිකුරාදා මම හිටියෙ පුදුම සතුටකින්. දවස් තුනක්ම නිවාඩු නිසා අපි එළියට යමු කියලා
Read More »

සකුරා මල් පිපෙනකන් බලන් ඉඳපු ජපන්නුන්ට පිස්සු කියලා ඉස්සර මම හිනාවුණා

ඉස්සර මම හැමවෙලේම හැමදෙයක් ගැනම අඩුපාඩු හොයපු කෙනෙක්. ලස්සනයි කියන කිසිම දේක ලස්සනක් දකින්න මගේ ඇස්වලට පුළුවන්කමක් තිබ්බේ නෑ. ඇත්තටම හැඩට පිපුණු මලකවත් මහ ලොකු ලස්සනක් දැකපු කෙනෙක් නෙවෙයි මම. ජපානේ දැන් සකුරා මල් පිපෙන කාලේ. එකදිගට බලන් ඉන්න හිතෙන තරමට ඒවා හරිම ලස්සනයි.
Read More »